EPF නොගෙවූ සමාගමකට නඩු . . .

රුපියල් ලක්ෂ 48 කට අධික සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සමාගමකට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19 වැනිදා) නඩු 3ක් පවරා තිබේ.

අංක 717, බේස්ලයින් පාර, කොළඹ 9 ලිපිනයේ පිහිටි ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි ලිමිටඩ් ආයතනයට එරෙහිව එම නඩු පවරා තිබිණි.

රුපියල් හතළිස් අටලක්ෂ පනස් නවදහස් තුන්සිය පනහක (48,59,350) සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් මෙම නඩු 3 කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක් . . .

Wed Mar 20 , 2024
පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ මාතර නිල්වලා ගඟේ ජල මට්ටම පහළ යමින් තිබීම හේතුවෙන් ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක් මතුව ඇතැයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. නිල්වලා ගඟේ ඉදිකර තිබූ ලවණ බාධකයන් ගංවතුර බැස යාමට බාධකයක් වී ඇතැයි ගොවි සංවිධානවලින් නැගුණ විරෝධතාවය මත එය යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x