ඉරි කපන රියදුරන්ට ඩිජිටල් දඩ කොළ . . .

එළැඹෙන අප්‍රේල් 10 වැනිදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ඔහු පවසන්නේ දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බවයි.

මේ අතර මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වැනිදා සිට ගුවන්තොටුපොළේදීම ඒ සඳහා අයදුම්කර රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ අතර රිය අනතුරකදී තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වැනිදා සිට ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අනතුර සිදුවී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාතාලයන්ට පාස්පෝට් හැදූ ලොක්කො . . .

Sun Mar 24 , 2024
වීථියේ යාචකයාගේ සහ ලොතරැයි අලෙවිකරුවාගේ සිට රටේ ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද රාජ්‍ය සේවයේ කම්කරුවාගේ සිට පරිපාලන සේවයේ ඉහළ තනතුරු හොබවන ඇතැමුන්ද දැනටත් පාතාලයට නන් අයුරින් සම්බන්ධ බව නොරහසකි. ඊට හේතු කාරණා බොහෝය.  ඉන්ටපෝල් හෙවත් අන්තර්ජාතික පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කළ පාතාල නායකයන් දෙදෙනකුට හොර රහසේ මෙරටින් පැන යාම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x