ගැබ්ගෙල පිළිකා දුරලීමට දෙන එන්නත්වල හිඟයක් . . .

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. 

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බවයි.

මේ හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ඇණ හිට ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ගෙන් විමසීමක් කළේ ය.

ඔහු සඳහන් කළේ, මාස කිහිපයක සිට අදාළ එන්නත් හිඟයක් ගෝලීයව පවතින බවයි.

කෙසේ වෙතත් ලබන අප්‍රේල් මාසයේ මුල වන විට ඇණවුම් කළ එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, වසර එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය එන්නත් එලෙස ගෙන්වන බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මොස්කව් ප්‍රහාරය අයි.එස් බාරගනී . . .

Sun Mar 24 , 2024
රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත් විය. එලෙස අත් අඩංගුවට සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ අය බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.සිද්ධියට සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x