මොස්කව් ප්‍රහාරය අයි.එස් බාරගනී . . .

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත් විය.

එලෙස අත් අඩංගුවට සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ අය බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.සිද්ධියට සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයක නැගී රුසියානු – යුක්රේන දේශ සීමාවට පළා යාමට උත්සාහ කර ඇති බවත් ඔවුන්ට යුක්රේනයේ ආධාරකරුවන් සිට ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය. වෙඩි තැබූ සැකකරුවන් සිව් දෙනා යුක්රේන දේශ සීමාව ආසන්නයේදී අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් මොස්කව් නගරය වෙත රැගෙන ඒමට කටයුතු කරන බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.

ප්‍රහාරය ඉතාමත් සැලසුම් සහගතව කර ඇති බවත් ප්‍රහාරයට භාවිත කළ ආයුද රඟහලේ සඟවා තබා ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.

මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වෙඩි තැබීම නිසා සිදුවූ තුවාල සහ විෂ දුම ආග්‍රහණය වීමෙන් 143 දෙනා මියගොස් ඇති බවත් ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය. සිද්ධියෙන් 121 දෙනෙකු තුවාල ලැබූ අතර තවත් 107 දෙනකුට විෂ දුම ආග්‍රහණය වීම හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය.

ක්‍රොකස් නගර සභා රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී කඩා වැදුණු තුවක්කුකරුවන් අහඹු ලෙස නැරඹීමට පැමිණි අයට වෙඩි තැබුවේය. වෙඩි තබා රඟහලට ගිනි තැබීමෙන් පසුව තුවක්කු කරුවෝ පළා ගියහ.

අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම් බාර ගත්තත් සිද්ධියට වගකිව යුතු සියල්ලන් සොයා පුළුල් විමර්ශනයක් සිදු කරන බවද ෆෙඩරල් ආරක්ෂක සේවය පැවැසුවේය.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අවුල් සහගත ජාතික හැඳුනුම්පත් විසි දෙදාහක් . . .

Sun Mar 24 , 2024
2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22,497ක් හෙවත් 4%ක් දෝෂ සහගතය. මෙම දෝෂ සහිත හැඳුනුම්පත් PVC වර්ගයට හා හලකාබනේට් වර්ගයට අයත් බව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන්ය. මේ නිසා විශාල මුදලක් හානි වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x