ගම්මන්පිලට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන්ට සිතාසි . . .

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂිකරුවන්ට අප්‍රේල් මස 05 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසින් අද (05) සිතාසි නිකුත් කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පළමු වන විත්තිකාර සිඩ්නි ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකරු විසින් ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තියේ සාක්ෂිකරුවන්ට අප්‍රේල් මස 05 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

  • කේ.එස්.උදයකුමාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැරදිකරුවන්ට නිවාස අඩස්සියට . . .

Mon Feb 5 , 2024
සිවිල් වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින් නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න කියා සිටියේ, අදාළ වැඩසටහන යටතේ නිවාස අඩස්සියේ තැබූ පුද්ගලයින් GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරන බවත්, බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ අරමුණෙන් මෙය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x