කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධතාවයක . . .

කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවට විශ්වවිද්‍යාල සිසුන් චෝදනා කරයි.

ඒ අනුව මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාතාලෙන් ජරාව කාපු ඕ.අයි.සී. ගැන පරීක්ෂණ . . .

Mon Mar 25 , 2024
පාතාල මුදල් ගනුදෙනුවකින් පසුව අසභ්‍ය වචනින් බැණ වදිමින් බිරිඳව ගෙදරට ගෙනවිත් දෙන්නැයි කියද්දිත් පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇත. තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x