පාතාලෙන් ජරාව කාපු ඕ.අයි.සී. ගැන පරීක්ෂණ . . .

පාතාල මුදල් ගනුදෙනුවකින් පසුව අසභ්‍ය වචනින් බැණ වදිමින් බිරිඳව ගෙදරට ගෙනවිත් දෙන්නැයි කියද්දිත් පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇත.

තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට ‘පිම්පියා’ කියමින් බැණ වදිමින් කළ දුරකථන සංවාදයකින් පසුව යූටියුබ් හරහා සංසරණය වන වීඩියෝව ගැන මෙම පරීක්ෂණය අරඹා තිබේ.

මෙම නිලධාරියා ගල්කිස්ස අපරාධ අංශ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටියදී පාතාලය සමග කළ මුදල් ගනුදෙනුවක් අරබයා මෙම බැණ වැදීම සිදුවී ඇත.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් මීට පෙර කටයුතු කළ රොහාන් ප්‍රේමරත්න විසින් මෙම නිලධාරියා ඩුබායිහි ඇල්ටෝ ධර්මේ සමග සබඳතා පවත්වමින් මාස් පතා වැටුප් ලබන බවට වාර්තාවක් එවකට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්ධු තෙන්නකෝන්ටද යොමුකර තිබුණි.

ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) යොදවා කළ විමර්ශනයකින් පසුව ඔහුගේ සේවය අත්හිටුවා ඇත.

එසේ තිබියදී හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම නිලධාරියා යළි සේවයේ පිහිටුවා අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධුරයට පත්කර තිබේ.

මෙම නිලධාරියා පාතාලය සමග සමීප සබඳතා පවත්වමින් ඇල්ටෝ ධර්මේගෙන් මුදල් ලබාගෙන ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන හඬපට ඔස්සේ ප්‍රචාරය වීමත් සමග පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යළිත් විමර්ශනයක් භාරදී ඇත.

  • තිස්ස රවීන්ද්‍ර පෙරේරා/අශෝක ජයරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොකැට්ටුවට තට්ටුකරන ගැබිණි කල්ලියක් අල්ලයි . . .

Mon Mar 25 , 2024
බස් වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, සංවිධානාත්මක ගැබිනි කාන්තා කල්ලියක සාමාජිකාවන් තිදෙනකු  රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින්  මත්කුඩු , කොල්ලකන ලද ලක්ෂ දෙකකට ආසන්න රන්මාලයක් සහ මුදල්  සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, තඹුත්තේගම කුඩාගම සහ බුලත්සිංහල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x