මෛත්‍රී පක්ෂයේ සියලු දෙනා කොළඹට කැඳවයි . . .

 

වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම සාමාජිකයන් මේ සති අන්තයේදී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇත.

මේ අනුව මෙසේ කොළඹට කැඳවනු ලැබ සිටින්නේ   එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කාරක සභිකයන් ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්‍ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීහු වෙති

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරියේදී බිහිකිරීමට නියමිතය. එහි කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොල් මණ්ඩලයේ හිටපු ලොක්කා අත්අඩංගුවට . . .

Mon Mar 25 , 2024
පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් හත්කෝටි හැත්තෑ හත් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව එම මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත. කේ.ඩී. ලයනල් ධර්මසිරි (64) නමැති දෙල්ගොඩ, උඩුපිල පදිංචි අයකු මෙම චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් නොකපා හැර මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x