හිටපු ජනාධිපති CIDයට . . .

 

අද (25) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

පසුගිය දා මහනුවර ප්‍රදේශයේ දී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් සිදුකර තිබිණ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබුවේ එම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේනට නීතිමය වගකීමක් තිබෙන බව ය.

 

  • Krishani

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුපිරි අවන්හල් 12 ක් උසාවියෙන් වහයි . . .

Mon Mar 25 , 2024
ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා වාරණ නියෝගයක් නිකුත් කළේය. මෙරට ‘මැක්ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන නොයන බව සඳහන් කරමින් ‘මැක්ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x