ජාතික අවම වැටුප සංශෝධනය කෙරේ . . .

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රු. 12,500 ක් ලෙස නියම කරනු ලැබ ඇත.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිත සහ සේවායෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශවික අනුකමිටුවක් මඟින් එම වැටුප රු. 17,500 ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ.

ඒ අනුව, ජාතික අවම වැටුප රු. 12,500 සිට රු. 17,500 දක්වා රු. 5,000 කින් වැඩිකිරීමට සහ ජාතික අවම දෛනික වැටුප රු. 500 සිට රු. 700 දක්වා රු. 200කින් වැඩි කිරීමට හැකිවන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා කම්කරු හා විදේශ රුකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි . . .

Tue Mar 26 , 2024
ප්‍රවීණ ගායක චන්ද්‍ර කුමාර කඳනාරච්චි අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 76 වන වියේ පසු විය. රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර චන්ද්‍ර කුමාර කඳනාරච්චි ජීවිතක්ෂයට පත්ව ඇත. ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x