බැල්ටිමෝ වරායේ අනතුරට හේතුව හෙළිවෙයි . . .

අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබේ.

මීටර් 289 ක දිගින් යුත් ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණි.

දින 27 ක කාලයක් තුළ එහි චාරිකාව සැළසුම් කර තිබූ අතර ගමන් ආරම්භ කර ටික වේලාවක් යන විට එහි එංජින් අක්‍රිය වී ඇත. නෞකාවේ විදුලිබලය ද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

එහි කපිතාන්වරයා ආරක්ෂක අංශ වෙත මේ පිළිබඳ දැනුවත් කර තිබුණ ද නිදහසේ පාවෙමින් තිබූ නෞකාව බැල්ටිමෝ පාලමේ ගැටී ඇති බවයි වාර්තා වේ.

මේ හේතුවෙන් පාලමට දැඩි අලාභහානි සිදු වූ අතර ඒ මත ගමන් කර තිබූ වාහන රැසක් ද ජලයට වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට සිදු වීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති අතර අනතුරින් හය දෙනෙකු අතුරුදන් වී ඇති අතර එම පුද්ගලයින් සෙවීම සඳහා කිමිදුම්කරුවන් විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එම පුද්ගලයන් පාලමේ නඩත්තු කටයුතුවල නිරත පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අතුරුදන් වී ඇති පිරිස මියගොස් ඇති බවටයි දැනට සැකපළ කර තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැටුප්, දීමනා නොගෙන අපට ජීවත් විය හැකියි . . .

Wed Mar 27 , 2024
තමන් ඇතුළු තම පක්ෂයේ නායකයන්ට මන්ත‍්‍රී වැටුපද නොගෙන පක්ෂයෙන් දීමනාවක්ද නොගෙන ජීවත් විය හැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සඳහන් කරයි. තමන් මහජන නියෝජිතයෙකු වීමට පෙර ජීවත් වූ ආකාරයක් ඇති බවත් අද ද එසේම ජීවත් විය හැකි බවද හෙතෙම පැවසීය. මහජනතාවගේ දේපොළ සොරකම් නොකර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x