දොරමඩලාවෙන් මතු වූ සැක කටයුතු අස්ථි කොටස් . . .

දොරමඩලාව සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු සත්ව කොටස් අතර සැක කටයුතු ලෙස තිබූ පුද්ගල අස්ථි කොටස් හේතුවෙන් මිහින්තලය පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි.

එම අස්ථි කොටස් හමුවූ ස්ථානයේම තිබී සුනඛයෙකුගේ හා නාගයකුගේද අස්ථි කොටස් තිබී හමුවූ බව මිහින්තලය පොලිසිය පවසයි.

මිහින්තලේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පිළිසුණු අස්ථි කොටස් පිළිබඳව පරීක්ෂා කිරීම සිදුවූ අතර පසුව එම අස්ථි කොටස් අනුරාධපුර  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ද විමර්ශනයට ලක් කෙරුණි .

සත්ව අස්ථි කොටස් සමග හමුවූ පුද්ගල අස්ථි කොටස් පිළිබඳව පවතින සැක කටයුතු තත්වයන් හේතුවෙන් එම ස්ථානය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ ද විමර්ශනයට ලක් කරන බව පොලිසිය පවසයි.

නාගයකු විසින් තම නිවසේ සුනඛයාට දෂ්ට කිරීම හේතුවෙන් එම සුනඛයා මිය ගිය බවත් පසුව එම සුනඛයා සහ නාගයා සුසාන භූමියට ගෙනවිත් පුළුස්සා දැමීමට කටයුතු කළ අතර පසුව අසල්වාසියකු විසින් සුසාන භූමියේ තිබූ පුද්ගලයෙකුගේ හිස් කබලක් එම ගින්නට දමා ඇති බවත් පුද්ගලයෙකු විසින් මෙහිදී මිහින්තලය පොලිසියට අනාවරණය කරනු ලැබීය .

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

35 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ . . .

Fri Mar 29 , 2024
35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) සන්ධ්‍යාවේ පැවැත්විණි. එහිදී 2019-2020 වර්ෂවල හොඳම නළුවා සහ නිළිය සඳහා සම්මාන හිමි කරගත් සමාධි ලක්සිරි, කුමාර තිරිමාදුර, නීටා ප්‍රනාන්දු සහ බිමල් ජයකොඩි සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙලෙසිනි. 2019 වසරේ හොඳම චිත්‍රපට නිෂ්පාදනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x