35 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ . . .

35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) සන්ධ්‍යාවේ පැවැත්විණි.

එහිදී 2019-2020 වර්ෂවල හොඳම නළුවා සහ නිළිය සඳහා සම්මාන හිමි කරගත් සමාධි ලක්සිරි, කුමාර තිරිමාදුර, නීටා ප්‍රනාන්දු සහ බිමල් ජයකොඩි සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙලෙසිනි. 2019 වසරේ හොඳම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ‘දැකල පුරුදු කෙනෙක්’ වෙනුවෙන් මොහොමඩ් ඇඩම්ලි සහ 2020 හොඳම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ‘ද නිවුස්පේපර්’ වෙනුවෙන් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සම්මාන හිමි කරගත් අවස්ථා ඡායාරූපවලින් දැක්වේ. ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර ද අනුග්‍රාහක යුනිලීවර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ශමාරා සිල්වා ද මෙහි සිටිති.

– 2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි
– 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර
– 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු
– 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි
– 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’
– 2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’

  • නිශ්ශංක විජේරත්න, මාලන් කරුණාරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රුවන්වැලි සෑය දැඩි විදුලි අර්බුදයක . . .

Fri Mar 29 , 2024
විදුලි බිල්පත් ගෙවීමේ අසීරුවෙන් සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන සියයක එළිමහන් ආලෝකවත් කිරීම සඳහා සූර්යකෝෂ විදුලි පහන් බෙදා දීමට රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමියෝ කටයුතු කළහ. වර්තමානයේ බොහෝ විහාරස්ථාන අධික විදුලි ගාස්තුව ගෙවීමේ අසීරුවකට මුහුණ දෙති. එම තත්ත්වය රුවන්මැලි සෑයට ද දැඩි ලෙස බලපා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x