දුමින්ද, ලසන්ත සහ අමරවීර තනතුරු වලින් ඉවත් කරයි . . .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකවරුන් අද (30) කොළඹට කැඳවා ඇත.

එහිදී පාර්ලිමේනතු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරු වලින් පමණක් ඉවත් කිරීමට යොජනාවන් ගෙන ඇත.

පසුව එයට විරුද්ධව ඇමති නිමල් සිරිපාලද සිල්වා . රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා අමාත්‍ය මහින්ද අමරවීර අදහස් දක්වා ඇත.

සෙසු ආසන සංවිධායකවරු සියලුදෙනාම ඔවුන් තනතුරු වලින් ඉවත් කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඒ වන විට මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න දැරූ තනතුරු වන්නේ ජාතික සංවිධායක, භාන්ඩාගාරික හා ජේෂ්ඨ උප සභාපති යන තනතුරුය.

එම ජාතික සංවිධායක තනතුර සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහියංගන ආසන සංවිධායක කේ.පී.ගුණවර්ධන ද භාණ්ඩාගාරික තනතුරට හිටපු බස්නාහිර පළාත් සභා ඇමති හෙක්ටර් බෙට්මගේ ද ජේෂ්ඨ උප සභාපති තනතුරට මධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ද පත් කර ඇත.

එහිදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන “ආණ්ඩුවේ ඇමති ධූර දරමින් සිටින අය අපි ඉවත් කළ යුතුයි. අපි සංධානයක් හදනනකොට වෙනත් පක්ෂ වලින් කැමති නෑ අපිට එන්ඩ අණ්ඩුවත් එක්ක ගණු දෙනු කරන හින්ද ” යනුවෙන් පවසා ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රතිජීවක විෂ වී රෝගියෙක් මරුට . . .

Sat Mar 30 , 2024
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට ලබාදුන් ප්‍රතිජීවක එන්නතක මතුවූ සංකූලතා මත එම රෝගියා මිය යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පිරිමි පුද්ගලයකු එලෙස මියගොස් තිබේ. මෙම පුද්ගලයාට ඇතිවූ කනේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රාගම ශික්ෂණ රෝහලට ඉකුත් දා ඇතුළත් වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x