අගනුවර නගර සභාවේ සේවක හිඟයක් . . .

 

ප්‍රධාන අගනගරය වන ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පවතින දැඩි සේවක හිඟය නිසා එහි කටයුතුවලට බාධා පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, නියෝජ්‍ය නාගරික කොමසාරිස්, නාගරික ලේකම්, සහකාර ලේකම්, පුස්තකාලාධිපති ඇතුලු ප්‍රධාන නිලධාරී පුරප්පාඩු රැසක් ඇති නිසා නගරසභා සේවා සිදු කිරීමේ දුෂ්කරතා රැසක් මතුව ඇතැයි හිටපු නාගරික මන්ත්‍රි ප්‍රභාත් විද්‍යාපති  පැවසීය.

ප්‍රදේශයේ කානු පද්ධති පිරිසිදු කිරීම් මාර්ග පිරිසිදු කිරීමේ වැනි කටයුතු උද්‍යාන නඩත්තු කිරීම් අඩාල වෙමින් පවතින බව පැවසී.

සභාව තුළ රියදුරු පුරප්පාඩුද පවතින බව සඳහන් කළ ඔහු විවිධ ස්ථානයන්වල කසල ඉවත් කිරීමේ ගැටළුද පවතින බව පැවසීය.

ලංකාවේ අග නගරය වන කෝට්ටේ බල ප්‍රදේශයේ ඩෙංගු වැඩිවීමේ තත්ත්වයක් ද දක්නට ලැබෙන අතර කුණු ඇදීම අඩපණවීම සිදුවෙමින් පවතින බවච පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැඩි වෙහෙස මහන්සියකින් යුතුව කටයුතු කළත් ඔහුට දැරිය හැකි සිදුකළ හැකි සේවාවන්වල සීමාවක් පවති.

  • රේඛා තරංගනී ෆොන්සේකා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියන් ලූනු නැවතත් එයි . . .

Sun Apr 7 , 2024
ඉන්දියාව ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ මෝදි ආණ්ඩුවේ ‘අසල්වැසියන්ට මුල්තැන’ විදෙස් ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ අතර ඉන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x