රත්තරන් පොරවාගෙන සිටි කපුවෙක් අත්අඩංගුවට . . .

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පොරවාගෙන නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අයෙකු ඇතුළු තිදෙනෙක් ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගින් යුත් සුදු යකඩ කඩුවක්ද සමග ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ රුපියල් ලක්ෂ විසි පහක (25,00000/-) මුදලක් පොලීසියට ලබා දී පලා යෑමට උත්සාහ කල බවද ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නො. 17 කොරොස්වත්ත දිවුල්ගල්ල නාරම්වල ලිපිනයේ පදිංචි ජයසූරිය ආරච්චිලාගේ දිනුක මධුෂාන් (38), එම ලිපිනයේම පදිංචි හේරත් මුදියන්සෙලාගේ ගයාත්‍රී චන්ද්‍රලතා (46) සහ නො 39 දඹගිරිගම හොරොම්බාව ලිපිනයේ පදිංචි  මොහන්දිරන්ලාගේ චාමර පුෂ්පකුමාර (32) නැමැති තිදෙනාය. මෙයින් පළමු හා දෙවන සැකකරුවන් අඹුසැමියන් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි.

ඊයේ (07) පෙරවරුවේ ඇල්පිටිය, කුරුදුගහ හැතැප්ම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල්වන හා පිටවන වාහන සෝදිසි පරීක්ෂාවකට ඇල්පිටිය පොලීසිය විසින් ලක්කර තිබේ. පිවිසුමෙන් පිටතට පැමිණි නවීන පන්නයේ මෙම කේඩීඑච් වාහනය පරීක්ෂා කිරීමේදී ඉහත සදහන් සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගත්බව ඇල්පිටිය පොලීසිය කියයි. ඔවුන් අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණියේ තැබිලි ගෙඩියක් බොන්නට බවත් වත්තල ප්‍රදේශයේ සිට ගැල්ල, ඉමදූව දක්වා ගමන් කිරීමට පැමිණි බවත් පොලීසියට ප්‍රකාශ කර තිබේ. සැකකරුවන්ගේ වාහනය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිශ්පාදිත සිගරැට් පෙට්ටි 05 ක් සහ සුදු යකඩ කඩුව සොයාගෙන තිබේ.

සැකකරුවන් තිදෙනාම ඉතා විශාල වශයෙන් රත්රන් ශරීරයේ පලදාගෙන සිටි බවත් එම තිදෙනා පැලැද තිබූ රත්රන් වල වටිනාකම රුපියල් 60 කට අධික බවත් ඇල්පිටිය පොලීසිය කියයි. සැකකරුවන් පැලැද සිටි රත්රන් ඔවුන්ගෙන් ඉවත් කර විශාල ප්‍රමාණයේ භාජන 03 ක තැන්පත් කිරීමටද පොලීසිය කටයුතු කර තිබේ. සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ඇති සැකකරුවන් මුදාහරින්නේ නම් රුපියල් ලක්ෂ 25 ක මුදලක් එම අවස්ථාවේදීම පොලීසියට ලබා දීමට හැකි බවද ප්‍රකාශ කළේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි. සැකකරුවන් තිදෙනාගේ පදිංචි ප්‍රදේශයන් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරන බවත් වත්තල, කොළඹ, අනුරාධපුරය, කහටගස්දිගිලිය ආදී ප්‍රදේශ ප්‍රකාශ කරන බවත් ඇල්පිටිය පොලීසිය කියයි.

සැකකරුවන් පැමිණි වාහනයේ කුවේට් රටේ හා ශ්‍රී ලංකාවේ ස්ටිකර් අලවා තිබූ බවත් මොවුන් ශ්‍රී ලංකිකයන් රට යවන ඒජන්සියක් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඇල්පිටිය පොලීසිය කියයි. සැබෑ ලෙසම පළමු සැකකරු කුවේට් රටේ දේවාලයක් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව තිබෙන බවද ඇල්පිටිය පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කච්චතිව් ඉල්ලා ජගත් අධිකරණයට . . .

Mon Apr 8 , 2024
තමිල්නාඩු ආණ්ඩුව නුදුරේදී ම රාමනාදපුරම් රජ පරම්පරාවේ උරුමක්කාරයන් හා පීඩාවට පත්ව සිටින ඉන්දීය ධීවර ප්‍රජාව එක්ව කච්චතිව් දූපත සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව තමිල්නාඩු නීති හා අධිකරණ අමාත්‍ය එස්. රගුපති පැවසී යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. කච්චතිව් දූපත සිය පරම්පරාවට අයත් යැයි ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර අධිකරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x