පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි . . .

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය ඇමතිවරයකු වූ පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි සිය පොල් ඉඩමක ඊයේ සවස වැඩ කටයුත්තක නිරතව සිටියදී විදුලි කම්බි දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇතැයි මතුගම පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ හිටපු මන්ත්‍රිවරයා නාගොඩ රෝහල වෙත ගෙන යාමෙන් පසු මියගොස් තිබේ. 1960 මැයි මස 03 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම ඉඩම් හිමියකු මෙන්ම වැවිලිකරුවකු විය. මියයන විට ඔහු 63 වැනි වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලකයකු වූ ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ලෙසත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ලෙසත් කටයුතු කර ඇත.

  • එෆ්. අස්ලම්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සංචාරකයින් සඳහා ඊ වීසා ක්‍රමය අද සිට . . .

Wed Apr 17 , 2024
සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට “ඊ වීසා” ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, ආරම්භයේදී භාෂා පහකින් “ඊ වීසා” අයදුම් කිරීමේ හැකියාව පවතින බවය. “නව තාක්ෂණයෙන් වැඩි දියුණූ කරලා, ඊ වීසා ක්‍රමවේදය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x