ජනපතිගේ රට ගමන් ප්‍රශ්න කෙරේ . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සහභාගි වූ විදේශ සංචාර සඳහා රජය දැරූ වියදම් සම්බන්ධ ප්‍රශ්නයක් අනිද්දා (24 වැනිදා ) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

ජනාධිපතිවරයා වශයෙන් මෙතෙක් සහභාගි වී ඇති විදේශ සංචාර, එක් එක් සංචාරයේ දී හමු වූ විදේශීය නායකයන් වෙන් වෙන් වශයෙන් කවරේ ද යන්නත් මෙමගින් ප්‍රශ්න කර තිබේ. එම රාජ්‍ය නායකයන් සමග රාජ්‍ය තාන්ත්‍රිකව ඇති කර ගත් ගිවිසුම් හා එම ගිවිසුම්වලට එළඹි කාරණය ද විමසා ඇත.

තවද එම එක් එක් විදේශීය සංචාරයේ දී ජනාධිපතිවරයා සමග සහභාගි වූ නියෝජිත පිරිස වෙන් වෙන් වශයෙන් මෙන් ම ඒ සඳහා වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් ද ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.

අගමැති දිනේෂ් ගුණවර්ධනට මෙම ප්‍රශ්නය යොමු කර ඇත්තේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ජයන්ත සමරවීර ය.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චමුදිත CID ට කැදවයි . . .

Mon Apr 22 , 2024
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. ඒ ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාවක සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි. මහේස්ත්‍රාත් තිලින ගමගේ ඝාතනය කිරීමට පාතාලය විසින් සිදුකළ සැලසුමක් සම්බන්ධයෙන් වන හඬ පටයක් ඔහු එම නාලිකාවේ විකාශය කර තිබිණි. ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x