කොටි වැළලූ රන්බඩු සොයා කැණීම් . . .

මන්නාරමේ සිලාවතුර කොක්තුපරයාන් වනයේ කොටි සංවිධානය වැළලූ රන් භාණ්ඩ සොයා එම කැලෑවේ කැණීම් කිරීමට පැමිණි පුද්ගලයන් පස්දෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිසියට භාරදී ඇත. සැකකරුවන් අතරින් එක් අයකු අනුරාධපුර ප්‍රදේශයේ පොලිසියක සේවය කරන සැරයන්වරයකු බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලිසිය පෙරේදා (21දා) විමර්ශනයන් පැවැත් වූ අතර එහිදී හෙළි වූ තොරතුරු අනුව මෙම කැණීම් සඳහා පොලිස් ස්ථානාධිපතිවරයෙකු ද පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකාර සැරයන්වරයා සේවය කරන පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු වූ මෙම ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට සිලාවතුර පොලිසිය කටයුතු කරයි. මෙම පිරිස පුරාවිද්‍යා වටිනාකමින් යුත් භාණ්ඩ සොයා කැණීම් කිරීමට පැමිණි බවට තොරතුරු ඇතත්, උතුරේ යුද්ධය සමයේ කොටි සාමාජිකයන් වැළලූ බව කියන රන් භාණ්ඩ ඇතුළු වෙනත් ද්‍රව්‍ය ගොඩගැනීමේ අරමුණින් මොවුන් පැමිණි ඇති බව පොලිසිය විශ්වාස කරයි.

  • නෝමන් පලිහවඩන
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමන් දෙවියන්ගේ විශාලතම ලෝහ ප්‍රතිමාව . . .

Tue Apr 23 , 2024
ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම අද (23 වැනිදා) යෙදෙන බක් පොහෝ දිනයේදී සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසීය. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා වැඩම කරවනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x