ඉරාන ජනාධිපති සජිත් මග හැර ගිහින් . . .

මෙරට සංචාරක නිරත වුණු ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කරයි.

ඉරාන ජනාධිපතිවරයා හමුවීමට කොළඹ ඉරාන තානාපති කාර්යාලය විපක්ෂ නායකවරයාට වේලාවක් වෙන් කර නොතිබූ බවද හෙතෙම පැවසීය.

ඉරාන ජනාධිපතිවරයාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයට ද විපක්ෂ නායකවරයා සහභාගි නොවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවත්වනු ලබන භෝජන සංග්‍රහ වලට කිසිවිටක සහභාගී නොවන නිසා බවත් හෙතෙම කියා සිටියේය.

අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට සහ රුසියාවට . . .

Fri Apr 26 , 2024
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමනාකාරීත්වය පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x