අඹගස්දෝව රක්ෂිතයක ගින්නක් . . .

අඹගස්දෝව පොලිස් වසමට අයත් උඩුහාවර ඇත්ඔළුව කන්ද රක්ෂිතයේ අද දහවල් ඇතිවු ගින්නකින් අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසින් පවසයි.

උඩුහාවර මහා විද්‍යාලය අසන්නයේ පිහිටි මෙම රක්ෂතයේ ටර්පන්ටයින් ඇතුළු විවිධ වර්ගයේ ශාක විශාල ප්‍රමාණයක් ඇති අතර පවතින වියළි කාලගුණ තත්වයත් සමග ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබේ. පවතින සුළං තත්වය හා ශාක වියළී පැවතීම නිසා ගින්න පාලනය කිරීමට අඹගස්දෝව පොලිසිය, වන සංරක්ෂන නිළධාරින් හා ප්‍රාදේශවාසින් එක්ව මහත් පරිශ්‍රමයක් ගෙන කටයුතු කලද මේ වන විටත් ගින්න පැතිර යමින් පවති.

සතුන් දඩයම් කිරීමට හෝ වෙනයම් කාරණයක් මත මෙම ගිනි තැබීම කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් සිදු කරන්නට ඇතැයි සැක කරන අතර අඹගස්දෝව පොලිසිය මේ සම්බන්ධව විමර්ශණ සිදු කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තෙල් සංස්ථාව පොලු තියලා . . .

Sat Aug 19 , 2023
ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ. මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක තේ අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x