හිරුණිකා ඇතුලු පිරිසක් අගමැති නිවස වටලයි . . .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වෙයි. විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වෙයි. කෙසේවෙතත් මේ වනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් තර්ස්ටන් විදුහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙන බවද වැඩිදුරටත් වාර්තා වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රබල භූ කම්පනයක්, 250 ක් මරුට . . .

Wed Jun 22 , 2022
ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප‍්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා. අනතුරින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ගිනිකොණ දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්. යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කලේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හා ඉන්දියාවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x