ඩිෆෙන්ඩරය ගෙනිච්චේ මා නොදැනුවත්වයි . . .

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ 2015 වසරේදී දෙමටගොඩ වෙළෙඳ සලක සේවය කළ අමිල ප්‍රියංග අමරසිංහ නමැති අය පැහැරගැනීම සඳහා සිය පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් තමන්ට අයත් ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇත්තේ තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව වන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය හමුවේදී විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පැවැසුවාය.

සිය පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් ඔවුන් කළ එම වැරදි සම්බන්ධයෙන් වරද පිළිගෙන අධිකරණය නියම කළ දඬුවම්වලට මේ වනවිටත් යටත්වී ඇති බැවින් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනාවලින් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙසට ද විත්තිකාරිය කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ගෙන් ඉල්ලා සිටියාය.

2015.12.21 වැනිදා තරුණයකු පැහැරගෙන යෑම සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයෙන් එම ඉල්ලීම කළාය.

එම නඩුවේ විත්තියේ සාක්‍ෂි විභාගය ලබන මස 19 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට විත්තිකාරියට නියෝග කළේය.

  • ඒ. ජේ. ඒ. අබේනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාමංකඩ සුපිරි නිවසක මත්ද්‍රව්‍ය තිප්පොළක් . . .

Sat May 4 , 2024
පාමංකඩ ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය තිප්පොළක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහි තිබූ රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු පෙරේදා (02 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් 27හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු රුපියල් ලක්ෂ එකහමාරක මාසික කුලී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x