දැඩි උණුසුම නිසා 9 දෙනෙකු ජීවිතක්ෂයට . . .

ආසියානු රටවල් රැසකින් මේ දිනවල වාර්තාවන්නේ උෂ්ණාධික කාලගුණයකි. ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා විය.

මේ වනවිට ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

උෂ්ණාධික කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයට ය.

ඒ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් ට දරුණු ජල හිඟයකට ද මුහුණ දීමට සිදුව තිබේ.

ප්‍රදේශයේ බහුතර ජන කොටසක් ළිං ජලය භාවිත කරන අතර ළිං සිඳී යාමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රේල් මාසයේ නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තාවී ඇති උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 28.12ක් බව සඳහන් වේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයන්හි වෙනත් කාලවල වාර්තා වන උෂ්ණත්වයේ සාමාන්‍ය අගය වන්නේ සෙල්සියස් අංශක 22.1 ක් බව සඳහන් වේ.

ඒ අනුව ගෙවුණු අප්‍රේල් මාසය වාර්තා අතරට එක් වුණේ නැගෙනහිර ඉන්දියාවෙන් 1973 වසරෙන් පසුව වාර්තා වූ වඩාත්ම උණුසුම් ම අප්‍රේල් මාසය ලෙසය.

ජූනි මාසය දක්වාම මෙවැනි උෂ්ණාධික කාලගුණයක් වාර්තා විය හැකි බවට ඉන්දීය කාලගුණ බලධාරීන් පුරෝකථනය කර ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සීගිරිය මුදුනට ද්විත්ව මාර්ගයක් . . .

Sat May 4 , 2024
  සීගිරිය සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා සංචාරකයන්ට ගමන් කිරීමට දැනට තිබෙන පඩිපෙළ මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සකස් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත. මීට අමතරව සීගිරියේ සිංහ පාදය දක්වා දැනට පිවිසීමට තිබෙන මාර්ගයට අමතරව තවත් මාර්ගයක් සකස් කිරීමටද කටයුතු යොදා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x