හොර වෛද්‍යවරුන් වටලන්න යයි . . .

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

එහිදී විශේෂයෙන්ම, රජයේ වෛද්‍ය නිළධාරී සංගමය විසින් වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංජනය සහිත ස්ටීකරය වාහන වල තබාගනිමින් එය අවභාවිතා කර ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, මහාමාර්ගයේ ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ, සුවද විලවුන් ඇතුළු විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග ආදිය වෙළදාම් කිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු කරණු කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුවී තිබේ.

එහිදි විශේෂයෙන්ම ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් සහ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම් වල යෙදී සිටින තැනැත්තන් ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද සැලසුම් කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් වැඩිදුරටත් සදහන් කරයි.

  • ගයාන් සූරියආරච්චි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාවුස්සාකැලේ පතුලටම හිඳේ . . .

Sat May 4 , 2024
මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවසති.  පවතින අධික වියළි කාලගුණයත් සමග (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති අතර , මවුස්සාකැලේ ජලාශයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x