දින 30ක වීසා ගාස්තුව ඩොලර් 50 යි . . .

විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යෑමට රජය තීරණය කරයි.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් තීරණය කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

එසේම මෙරටට විදේශිකයකු ඇතුළුවීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කුලියාපිටිය තරුණයාගේ මළ සිරුර හමුවෙයි . . .

Tue May 7 , 2024
  සති දෙකක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ තරුණයාගේ මළසිරුර හලාවත මඩම්පේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලීසිය විසින් අද (07) සොයා ගෙන ඇත. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා සිය පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවසට නොපැමිනීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කර තිබුණි. දින 12කට වැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x