ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කා අත්අඩංගුවට . . .

 

ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (08දා) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

එම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමකට අනුව ඔහු ඊයේ පෙරවරුවේ පැමිණි අතර පැය අටකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගන්නා ලදි. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ගේ උපදෙස් පරිදි මෙම ඖෂධ මිලදීගෙන ඇත්තේ මෙම වෛද්‍යවරයාගේ නිර්දේශ මත බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඔහු අද (09) උදෑසන මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු අටදෙනකු බන්ධනාගාර ගතකර ඇත.

  • හේමන්ත රන්දුණු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රීගේ වාරණය දීර්ඝ කෙරේ . . .

Thu May 9 , 2024
  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x