ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අල්ලා ගනී . . .

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ෂේශ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ අනුව, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පසුගියදා (09) පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිට වී ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් තහවුරු නොවන බවත්, නමුත් කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක විභාගවලට පෙනී සිටින දරුවන් කිහිප දෙනෙකු හොරෙන් සගවාගෙන සිටි දුරකථනවලට වට්සඇප් මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමට උස්සාහ කර තිබෙන බවට තහවුරු වූ බවත් විභාග කොමාසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.

ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ වින විට මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර එම සිසුන්ට එරෙහිව උපරිම නීත්‍යානුකූල පියවර ගන්නා බවයි.

හසලක ප්‍රදේශයේ ද මේ ආකාරයේ ම සිද්ධියක් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, විභාග කොමාසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළියට මිනීමැරුම් නඩු . . .

Sun May 12 , 2024
ප්‍රමිතියෙන් තොර ඖෂධ අහිංසක රෝගීන් වෙත ලබාදී ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටියි. මෙම සැකකරුවන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධය ජන සංහාර අපරාධ ගණයට අයත් වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x