කෝටි ගණනක රැකියා වංචාවක් . . .

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට ඊයේ (13 වැනිදා) දන්වා සිටියේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 03 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලනී දිසානායක එලෙස දන්වා සිටියාය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් රජයේ වාහන දෙන බවට රජය මගින් ඉදිකරනු ලබන නිවාස දෙන බවට සහ දඹදිව විදේශ ගමන් සංවිධානය කර දෙන බවට පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මෙම වංචාවන් කර ඇති බවට මහනුවර, අම්පිටිය පදිංචි පින්නදූව හේවගේ රංජිත් අනුර නොහොත් ප්‍රියන්ත නමැති අයකු අනාවරණය කරගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය වෙත දන්වා සිටියේය.

  • ඉෂාර රත්නකාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රුසියානු යුද්ධයට ලාංකිකයන් විකුණන මහ මොලකරු . . .

Tue May 14 , 2024
ලාංකිකයන් රුසියානු යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස අලෙවි කරන ජාවාරමේ මහා මොලකරු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී වලේබොඩ පවසයි. රුසියානු යුද්ධයට යවා ඇති ලාංකිකයන් නිදහස් කරගැනීම ඉතා කෙටි කලත් තුළ තමන්ට හැකි බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම සැකය මතුවී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x