කොවිඩ් එන්නත ගැන බිය වෙන්න එපා . . .

ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

මේ සම්බන්ධයෙන් පවරපු නඩුවකදි ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම සංකූලතා ඇතිවන බව පිළිගත් දෙයක් බවත් එය ඔවුන් එය මීට පෙරද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කලේය.

මෙම සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ විජේවික්‍රම එන්නත් ගත් කාලයේදී ඇති වූ සංකූලතාවක් පමණක් බවත් ඒ නිසා එන්නතෙන් එවැනි අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද පවසා සිටියේය.

එන්නත නිපදවා පළමු වසර ඇතුළතදී එන්නත් මාත්‍රා බිලියන 3ක් ඇස්ට්‍රාසෙනෙකා සමාගම ලොවපුරා බෙදා ඇති අතර එමගින් මිලියන 6කට වැඩි ජීවිත සංඛ්‍යාවක් බේරාගැනීමට හැකිවූ බව එම සමාගම විසින් සඳහන් කර තිබේ.

පසුව තවත් කොවිඩ් එන්නත් කිහිපයක්ම ලොව හඳුන්වා දෙනු ලැබූ පසුබිමක අමෙරිකාව මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ට අනුමැතිය නොදුන්නේ රුධිර කැටිගැසීම සඳහා එය හේතුවී ඇතැයි ලැබුණු සැකසහිත තොරතුරු මතය.

කෙසේවෙතත් එන්නත බෙදාහැරීම ඇරඹී වසර තුනකට පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේ රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බවට එම ආයතනය බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමෙන් පසුවය.

කොවිඩ් පාලනය ලබාදුන් එන්නත මගින් රුධිරය කැටි ගැසීම සහ රුධිර පට්ටිකා අඩුවීම යන තත්ත්වයන් එකතුවීමෙන් ඇතිවන දුර්ලභ සංකූලතාවයන් ඇති වන අතර මේ නිසා ආඝාතය, මොළයට හානි වීම, හෘදයාබාධ, පෙනහලු ආබාධ, ශරීරාංග ඉවත් කිරීම වැනි ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව වාර්තා වී ඇත.

රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට පාර්ශ්ව කිහිපයක්ම එම සමාගමට එරෙහිව නඩු පවරා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් නමින් මෙරටට ගෙන්වූ එන්නත පළමු මාත්‍රාව ලෙස පුද්ගලයින් 1,479,631ක් ලබාගෙන ඇති අතර එම එන්නත දෙවන මාත්‍රාව ලෙස 1,418,593 දෙනෙකු ලබාගෙන ඇත.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොරු අල්ලන්න නව නීති . . .

Wed May 15 , 2024
හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. තෙල්දෙණිය නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය. හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x