ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවකු හා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන කුමාර ධර්මසේන ඇතුළු තවත් 12 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
ඒ අනුව එළඹෙන 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර ඇත.
අයුතු ලෙස නිවෙසකට ඇතුලු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පර්චස් 82 ක ප්‍රමාණයකින් යුත් ඉඩමකට සහ එහි පිහිටි පාක්ලීන් නමැති නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල කර තිබේ.
ධර්මසේන ඇතුළු ඔහුට අයත් ව්‍යාපාරයක අධ්යක්ෂ මණ්ඩලයේ 12 දෙනකුට මෙසේ නොතීසි නිකුත් කර ඇත.
කුමාර ධර්මසේන ඉන්දියාවේ දී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙසද කටයුතු කරමින් සිටී.