තරුණයෙක් මරුට – 6ක් රෝහලේ
මහනුවර රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්රදේශයේදී අද (22) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් 6දෙණෙකු තුවාල ලබා ඇත.
තලාතුඔය පොලිසිය මහනුවර මහ රෝහලේ රියදුරෙකු පැදවූ මෝටර් රථයක යතුරුපැදියක සහ ත්රිරෝද රථයක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇත.
අනතුරින් යතුරු පැදිකරු මියගොස් ඇත.
යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක සහ ත්රිරෝද රථයේ ගමන්ගත් මව, පියා සහ මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් තුවාල ලැබූ බිළිදුන් දෙදෙනා මාසයක් වයසැති නිවුන් සහෝදරයින් දෙදෙනෙකු වේ.
අනතුරින් මියගොස් ඇත්තේ ප්රදේශයේ පදිංචි ප්රසාද් මධුෂංක ගුණසිංහ වයස අවුරුදු 20 ක තරුණයෙකි.
මෝටර් රථය පැදවූ ඒ පුද්ගලයා මහනුවර මයිලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු ද තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.
The post රන්දෙණියගේ මෝටර් රථය උණුසුම් කරයි appeared first on අරුණ.