ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අගමැති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා. පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් බැසිල් රාජපක්ෂ ලබන සතියේ ඇමරිකාවේ සිට පැමිණෙන බව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු වන වීරතුංග ප්‍රකාශ කර තිබේ. […]

ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රශ්ණගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමිනි. ‘ඉන්දීය ණය […]

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අවධාරණය කර සිටිනවා. ජනාධිපතිවරයා සමඟ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්, ඔහු මේ බව කියා […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ලබාගැනීම පිණිස කුමන හෝ සන්ධානයක් සමග එක්ව තරග කර වැඩි වාසි දිනා ගැනීමට ඔවුන් සාකච්ඡා […]

නාමල් රාජපක්ෂ සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඔහුගේ නිවසේදීය. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල මාධ්‍ය කිහිපයක පලවී තිබිණි. ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් එක් මන්ත‍්‍රීවරයෙක් ඇසීය. ‘ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරනයට නෙවෙයි […]

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන සහ බැසිල් රාජපක්ෂ තම සමීපතමයින්ට පවා හොර රහසේ විදේශගත වී ඇතී බව වාර්තා වේ. ඇමති බන්දුල ගුණවර්ධන විදේශගතව ඇති බව කැබිනට් ඇමතිවරු පවා දැනගෙන තිබෙන්නේ එම අමාත්‍යාංශයේ වැඩ බලන ඇමති ලෙස ශාන්ත බණ්ඩාර පත් කර ඇති බව දැනගැනීමෙන් පසුව බව අනාවරණය වේ.  ජනාධිපතිගේ […]

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ පක්‍ෂ සම්මේලනයට දෙමටගොඩ මාළිගාවත්ත වනාතමුල්ල ආදි ප්‍රදේශවලින් ජනතාව ගෙනවිත් ඇත්තේ වව්චර් දෙන බවට පොරොන්දු වී බවයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ, ලබන පාසැල් වාරය ආරම්භ වීමේදී දරුවන්ට පොත් ලබා ගැනීම සඳහා එම වවුචරය ලබාදෙන බවත් එය ලබා දෙන්නේ […]

මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවත් පොහොට්ටු පක්ෂයට විරුද්ධව කටයුතු කරන අය පිළිබඳව බලයට පැමිණි පසු බලාගන්නා බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තර්ජනාත්මකව අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනය අමතමිණි. එහිදී මේ සම්බන්ධයෙන් ඔහු තව දුරටත් දැක්වූ අදහස්, “ඒ […]

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත පත් කර ගැනීම පොදුජන පෙරමුණේ මහ සමුළුවේදි සිදුවිය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනයේ දී හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේගේ විසින් යෝජනා කළ අතර, එම යෝජනාව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ස්ථිර කරනු ලදී. ඉන් අනතුරුව එම යෝජනාවට […]

ඉදිරි ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ. එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ගනු ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට අපේක්ෂකත්වයට සුදුසු යැයි තිදෙනකුගේ නම් ප්‍රකාශ වී ඇති බවද වාර්තා වෙයි. බැසිල් රාජපක්‍ෂ, ධම්මික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.