සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක

ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සමාගමේ බටහිර ආසියානු හා ඉන්දීය සාගර කලාපීය වානිජ මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ උපසභාපති අහමඩ් කූරි සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු ඩුබායිහි පිහිටි එමිරේට්ස් මූලස්ථානයේ දී එම ගිවිසුමට අත්සන් තැබූ බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා වසංගත කාලසීමාව තුළ ද මෙරටට ගුවන් මෙහෙයුම් සිදු කළ ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගමක් වන එමිරේට්ස් පසුගිය වසරේ ජනවාරි මාසයේ දී රට යළි සංචාරකයින්ට විවෘත කිරීමත් සමඟ මගීන් 50,000කට ආසන්න පිරිසකට ගමන් පහසුකම් සලසා තිබෙනවා.

සතියකට එමිරේට්ස් ගුවන් යානා විසි එකක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

Next Post

ට්‍රම්ප්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් කොරොන වයිරස් චීන ජෛව අවියක් ද යන්න ගැන සටන් කළහ

Mon Mar 7 , 2022
ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි නොමැති ප්‍රකාශ මගින් එක්සත් ජනපද ආන්ඩුව “ලැජ්ජාවෙන් හා අපකීර්තියට පත් කිරීම” වැලැක්වීමට තමා මැදිහත් වූ බව ප්‍රගුණනය වැළැක්වීම පිළිබඳ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසයි. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.