ලග්න 5කට සුබ දිනයකි

2022 අප්‍රේල් මස 11 වැනි සඳුදා

රාහු කාලය දිවා 07.35 සිට 09.08 දක්වා රාත්‍රී 07.47 සිට 09.15 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- වයඹ

මේෂ

සැක මතු වේ

මිල මුදල් හානිය හෝ අධික වියදම් යෙදෙන දිනයකි. ප්‍රසිද්ධති මිත්‍රදීන් සමග ගැටුම් හට ගනී. කරගෙන යන කටයුතු ප්‍රමාද වීම සිදු වේ. වතුරෙන් පීඩා ගෙන. හදිසි කෝපය පාලනය කර ගන්න. නොයෙක් දේ ගැන සැක ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. නින්දට බාධා පැමිණේ.

වෘෂභ

ස්ත්‍රීන් සමග මතවාද

පවතින තත්ත්වයට යහපත් නොවේ. ස්ත්‍රී පක්ෂය සමග මතවාද ඇතිකර ගනී. රැකියා කටයුතුවල ප්‍රබෝධමත්ව නිරත වේ. මිත්ර ආශ්රය වැඩි වේ. මුදල් සෙවීමේ අලුත් මාර්ග සම්බන්ධයෙන් කල්පනා කරයි. අධ්යාපන කටයුතුවල යම් සාර්ථකත්වයක් ලබයි. තමා සම්බන්ධ වර්ණනාවක් අසන්නට ලැබේ.

මිථුන

ප්‍රේමයට විරෝධතා

වියදම් පක්ෂය ඉහල යයි. හානියට පත් වේ. රැකියා ස්ථානයේ පීඩාකාරී තත්වයක් හට ගනී. ව්‍යාපාර කටයුතුවල නිරත වුවහොත් සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. ප්‍රේම සම්බන්ධතාවලට විරෝධතා මතු කරයි. නියමිත වේලාවට කෑමබීම ගැනීම පවා අතපසු.

කටක

විවාහ යෝජනා ස්ථිර වේ

වාසනාවන්ත දිනයකි. මුදල් ලාභ හිමියි. කරන කියන දෙයක් මූලික සාර්ථකත්වයට පත්. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. විවාහ යෝජනා ස්ථිරත්වයට පත් වේ. රැකියා කටයුතුවල උසස්වීම්වලට පදනම වැටේ. ශරීරාබාධ දුරු වේ.

සිංහ

රැකියවේ ගැටලු

වියදම් පක්ෂය පාලනය කර ගන්න. කරන කියන කටයුතුවල අවුල් වියවුල් ඇති වේ. හදිසි තීරණ ගැනීමෙන් පසු සිදු වේ. වටිනා බඩු භාණ්ඩ අස්ථානගත විය හැක. කේලාම් ඕපාදූපවලට හසු වේ. රැකියා ස්ථානයේ ප්රශ්නකාරී ඉල්ලුමක් ඇති විය හැක. හදිසි අනතුරුවලින් ප්‍රවේසම් විය යුතුයි.

කන්යා

පදිංචි ස්ථානයේ වෙනස්කම්

සැප පහසුව ඇති වේ. නව මාර්ග සොයා ගනී. නවීන තාක්ෂණ උපකරණ අවධානය යොමු කරයි. පදිංචි ස්ථානයේ සුළු සුළු වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරයි. වෙනදාට වඩා ප්‍රණීත ආහාරපාන ලැබේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් බලාපොරොත්තු වන කැමැත්ත. භාවනා කටයුතුවල යෙදේ.

තුලා

වෙළඳ ව්‍යාපාර දියුණු වේ

මුදල් ලාභ හිමියි. ලොතරැයි දිනුම් උරගා බැලීමට සුදුසු දිනයකි. ගොවිතැන් කටයුතුවලින් ලාභය. තරුණියන් සම්බන්ධ වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් හිමි වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. සමාජ සේවා කටයුතුවල නිරත වේ. ලැබීමට ඇති මුදලක් හිමි වේ. ස්ත්‍රීන් සමග හිතවත්කම් වැඩි වේ.

වෘශ්චික

මුදල් ලබාදේ

මුදල් සම්බන්ධ අගනුවර ඇති වේ. නඩුහබවල පැටලී ඇත්නම් විරුද්ධ පාර්ශ්වයේ තර්ජන එල්ල වේ. තවත් පවුලේ වැඩිහිටි අයකුගෙන් හෝ විරුද්ධවාදිකම් ඇති වේ. දරුවන් සම්බන්ධයෙන් කරදරකාරී බවක් ඇති කරයි. වැරදි අවබෝධය පවුල් ජීවිතයේ ගැටලු මතු කළ හැක.

ධනු

නිශ්ශබ්ද වියදම්

නිශ්ශබ්ද ගමන් යෙදේ. ඒ සඳහා වියදම් පක්ෂය ඉහල යයි. කරගෙන යන කටයුතුවල අවුල් වියවුල් තත්වයක් ඇති වේ. රැකීරක්ෂා කටයුතු රැකගැනීමේ දී උදාසීන ගති මතු කරයි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන්නේ නැත. සිතට සැකයක් පහල වේ. ශුභ කටයුතුවලට අත ගැසීමට සුදුසු දිනයක් නොවේ.

මකර

විනෝදයෙන් ගත කරයි

ලාභදායකයි. සැප පහසුව ඇති වේ. විනෝදජනක අවස්ථාවන්ට සහභාගී වේ. ස්ත්‍රීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. වාද විවාදවලට වී ජයග්‍රහණය ලබා ගනී. අසරණයන්ට පිහිට සිතේ සතුට ඇති කරයි. කරගෙන යන කටයුතුවල දියුණුවක් ඇති වේ. ශරීර සෞඛ්‍යය යහපත්ය.

කුම්භ

අදහස් ඉටු වේ

ජයග්රහණය ලබා ගැනීම වේ. සුළු සුළු වස්තු ලාභ හිමියි. සිතේ ඇති අදහස් ඉටුකර ගැනීමට මග පෑදේ. මහන්සි වී වැඩකටයුතු කිරීමට සිදු වේ. ප්‍රණීත ආහාරපාන ලැබේ. සේවකයකු හෝ අසල්වැසි අයකුගෙන් උපකාර උපකාරයක් ලැබේ. පවුල් ජීවිතය සාර්ථක ලෙසට ගෙන යයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණය ලබා ගනී.

මීන


කටයුතුවලට බාධා

අධික ලෙස මුදල් වියදම් වේ. නිසා බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාවලින් සිදුවන පාඩුව. කරගෙන යන කටයුතුවලට අවහිරතා ඇති කරයි. සැමියා සහ බිරිඳ අතර මත ගැටුම් ඇති විය. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි. රක්තවාත රෝග උත්සන්න විය හැක.

The post ලග්න 5කට සුබ දිනයකි appeared first on Aruna.

Next Post

අද සහ හෙට පැය හතරක විදුලි කප්පාදුවක්

Mon Apr 11 , 2022
අද (11) සහ හෙට (12) පැය 4ක කාලයක් විදුලිය විසන්ධි කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අදාළ අනුමැතිය ලබා දී ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.