ඉන්දීය ජනාධිපති ධුරය කාන්තාවකට . . .

ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ද්‍රෞපදී මුර්මු තේරී පත්වී තිබේ. දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියක ද වන ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක් වන අතර 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කර තිබේ.

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක් වන අතර ඉන්දීය ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක ජනාධිපති ධුරය ට පත්වීම ඉන්දීය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික ගතවන සිදුවීමකි.

ඉන්දීය ජානාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 18 වැනිදා වන අතර ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (21) සිදුවිය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි. ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි. ද්‍රෙෘපදී මුර්මු ලබන 25 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ඉන්දීය ඉතිහාසයේ ප්‍රතිභා පාතිල්ගෙන් පසු ඉන්දීය ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර ප්‍රතිභා පාතිල් ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධුර කාලය පැවැතියේ 2007 සිට 2012 දක්වාය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

“Monkey pox” රෝගයේ ව්‍යාප්තිය ඉහළ යයි . . .

Sun Jul 24 , 2022
  වඳුරු උණ “Monkey pox” රෝගයේ ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයකර ඇත්තේ රටවල් 75 කින් මේ වනවිට රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x