උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් හාරදහසක් සඳහා  සතොස වවුචර් ප්‍රදානය ප්‍රදානය කිරීමේ රැස්වීමකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මේ බව කීය.හෙලිකොප්ටරයකින් උතුරට ගියේ කුමකටදැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ විට කරුණානායක  පැවසූයේ “ඇයි මට යන්න බැරිද? මම ආණ්ඩුවේ නැහැනේ.ඉතින් මට ඕනේ එකක් කරන්න පුළුවන්නේ.මම ආයෝජකයන් සමග ගිහින් රටට ඩොලර් එකතු කරන්න හදන විටත් එ් දෙසත් කුහකකමින් බලනවා.මාධ්‍යත් මේවා දැනගත යුතුයි”යනුවෙනි.

ආණ්ඩුවේ තනතුරක් බාර ගන්නවා දැයි මාධ්‍යවේදීන්  ඇසූ පැනයට පිළිතුරු දෙමින් රවී කරුණානායක  පැවසූයේ අවශ්‍යවන්නේ තනතුරු නොව ජනතාවට උදව් කිරීම බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජෝසෆ් ස්ටාලින්ට ඇප

Mon Aug 8 , 2022
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හැර තිබේ.අද (අගෝ. 8) පෙරවරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x