කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි . . .

කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය ඇතුළු විදේශීය දූත මණ්ඩල පහක් වසා දැමීමට නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව බ්‍රැටිස්ලාවා (ස්ලෝවැකියාව), කොළඹ (ශ්‍රී ලංකාව) සහ ප්‍රිස්ටිනා (කොසෝවෝ) හි පිහිටි තානාපති කාර්යාල, මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ තානාපති කාර්යාලය සහ හූස්ටන් (ඇමරිකා එක්සත් ජනපදය) කොන්සල් ජනරාල් කාර්යාලය වසා දමන බව විදේශ කටයුතු අමාත්‍ය ඇනිකන් හුයිට්ෆෙල්ඩ් පවසයි. ප්රකාශ කළේය.

ඒ අනුව, කොසෝවෝ, මැඩගස්කරය, ස්ලෝවැකියාව සහ ශ්‍රී ලංකාව සමඟ නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විකල්ප විධිවිධාන හරහා කටයුතු කරනු ලබන අතර, මේ පිළිබඳ වගකීම ළඟම ඇති නෝර්වේ තානාපති කාර්යාලයකට පැවරීමට හෝ අදාළ රට සඳහා නෝර්වේ හි සිටින තානාපතිවරයකු පත් කිරීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුදල් ලැබෙන තුරු ඉන්ධන නැව් 4ක් කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටී . . .

Sun Sep 11 , 2022
මුදල් ගෙවීමට නියමිත ඉන්ධන නෞකා 4 ක් කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටින බව වාර්තා වෙයි. ඉදිරි සතිය තුළ මෙම ඉන්ධන නෞකා 4 මුදල් ගෙවා ගොඩබා ගැනීම සඳහා ඩොලර් මිලියන එකසිය පනහකට ආසන්න මුදලක් අවශ්‍ය වී ඇත. එම මුදල් රැස්කර ගැනීම සඳහා දැනටමත් තෙල් සංස්ථාව මහ බැංකුව සමග සාකච්ඡා කරමින් සිටී. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x