බුදුන්ගේ ක්‍රමවේදය අනුගමනය කරන රනිල් . . .

තමන් අනුගමනය කරන්නේ බුදුන්ගේ ක්‍රමවේදය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පැවසූවේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිණි.

වැටී තිබුණු රටක් යළි ගොඩනැංවීමේ දී මහා විජිත රජු අනුගමනය කළ කරුණු කූඨදන්ත සුත්‍රය මඟින් බුදුන්වහන්සේ පෙන්වාදී ඇතැයිද තමන් අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වාදුන් ක්‍රමවේදය යැයිද එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. මෑත ඉතිහාසයේ රට මුහුණදුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිව් වැදෑරුම් උපාය මාර්ගික සැලැස්මක් හඳුන්වාදීමට කටයුතු කළ බවත් එහි පළමු පියවර මේ වන විට සාර්ථක කරගෙන ඇති බවත් මෙහිදී ඔහු අවධාරණය කළේය. දෙවන පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් ඔහු සඳහන් කර සිටියේය. පැරණි කෝන්තර අමතක කර පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක්ද කරයි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගනු ලැබූ කඩිනම් පියවර හේතුවෙන් යල කන්නයේ අපේක්ෂිත අස්වැන්නට වඩා ඉහළ අස්වැන්නක් ලැබීමට හැකිවූ බවත් ඉදිරි මහ කන්නයද බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට අවශ්‍ය බීජ මෙන්ම පොහොර ප්‍රමාණවත් පරිදි සූදානම් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත්

Fri Oct 7 , 2022
යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් රවී හේරත් පත් කර තිබේ. යුද්ධ හමුදා මූලස්ථානයේ 19 වන ජනමාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ඔහු ඊයේ (06) යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේදී රාජකාරි ආරම්භ කර ඇත. මීට ප්‍රථම ජනමාධ්‍ය අධ්‍යක්ෂ ධුරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ආරක්ෂ්ක සේනා මූලස්ථානය – […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x