මැතිවරණයකට යාමට පෙර ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කළ යුතුයි . . .

වත්මන් ආණ්ඩුව පවතින ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට උවමනාවක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. මැතිවරණ නොපවත්වා ඉදිරියට යාමට ද ජනාධිපතිවරයා සූදානම් නැති බව ද පැවසූ ඔහු රටේ ඇති ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳා යථා තත්ත්වයට පත්වූ පසු නිසි කලට වේලාවට මැතිවරණ පවත්වන බවද පැවසීය

මැතිවරණයකට යාමට පෙර ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කළ යුතු බවද පැවසූ ඔහු මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් රුපියල් බිලියනයකට වඩා වැය වන බව ද එවන් මුදලක් වැය කිරීමට මෙය අවස්ථාවක් නොවන බවත් සදහන් කලේය. ජනාධිපතිවරයා යමක් කිරීමට උත්සාහ කරන්නේ යැයි විරුද්ධ බලවේග පවා පවසන බවත් එනිසා ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට සම්බන්ධ නොවන ලෙසත් අරගලකරුවන්ගේ ඉලක්කය කුමක්දැයි දැනගෙන කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුව ඕනෑම මොහොතක ඡන්දෙකට සූදානම් . . .

Thu Oct 27 , 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතකට ඡන්ද විමසීමට සූදානම් බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිඳී ගොස් නැති බවත් පක්ෂය ශක්තිමත්ව ස්ථාවරව ඇති බවත් හෙතෙම කියා සිටියි. ඉහළින් ඔළු ගෙඩි මාරු වුවද බිම් මට්ටමින් කිසිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x