ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු වීම් කල්‍ දමයි . . .

ඉන්දියාවේ දිල්ලි අගනුවර ඊයේ (03) ඝන විෂ සහිත දුමාරයකින් වැසී ගොස් තිබූ අතර, වාතයේ ගුණාත්මක තත්ත්වය නරක අතට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නගරයේ වායු තත්ත්ව දර්ශකය ආසන්න වශයෙන් ඒකකය 500ට ළඟා වී තිබූ අතර දිල්ලි අවට පාසල් වසා දමා අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් තහනම් කිරීමට දිල්ලි බලධාරින් කටයුතු කර තිබේ.

එවන් තත්ත්වයක් යටතේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමිත මීළඟ තරගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ යි. ඒ බංග්ලාදේශ කණ්ඩායමත් සමගයි.

එම තරගය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු සැසිය ඊයේ පස්වරුවේ පැවැත් වීමට නියමිත වූවත්, දිල්ලියේ පවත්නා වායු තත්ත්වයේ අහිතකරභාවය සැලකිල්ලට ගෙන කළමණාකාරිත්වය තීරණය කර තිබුණේ එම පුහුණු සැසිය අද (04) පැවැත්වීමටයි.

  • aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දරුවන් මත් රකුසාගෙන් බේරා ගන්න බුද්ධි අංශයක් . . .

Sat Nov 4 , 2023
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ මූලිකත්වයෙන් සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. තෙන්නකෝන් මේ බව පැවසුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකායේ හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලියේ විසිරයෑමේ ළෙපාලියේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x