ව්‍යාජ ලිපි ලේඛන සෑදූ පුද්ගලයන් අත්අඩංගුවට . . .

රුපියල් කෝටි ගණනින් වංචා කළ සංවිධානාත්මක කල්ලියක තිදෙනකු සහ ව්‍යාජ ලිපි ලේඛන සෑදූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල වෝඩ් පෙදෙසේ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන ගිය එම කල්ලිය ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මූල්‍ය ආයතන මුලාකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් සමඟ වෙනත් පුද්ගලයන්ගේ නමින් ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පත් , විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය සාධන දර්ශක, විවිධ ලිපි ලේඛන, වාහන වල ලියාපදිංචි සහතික, දිවයින පුරා රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා, නීතිඥ වරුන්ගේ නිලමුද්‍රා, විදුලි සහ ජල බිල්පත් , බැංකු පොත් , විවිධ ප්‍රදේශවල ඉඩම්වලට අයත් බව කියන ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු ඇතුළු ලිපි ලේඛන රැසක් සහ ඒවා සකස් කිරීමට යොදාගත් පරිගණක ඇතුළු යන්ත්‍ර සුත්‍ර රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාරට මෙම ජාවාරම් කල්ලිය සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මාස කිහිපයක් තිස්සේ දීර්ඝ විමර්ශනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මෙම සංවිධානාත්මක කල්ලියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා මහරගම පිලිකා රෝහල අසල මූල්‍ය ආයතනයක් තුළ දී අත්අඩංගුවට ගැනුණා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඒඩ්ස් සදහා ස්වයං පරීක්‍ෂණයක් . . .

Sun Oct 30 , 2022
එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වී තිබේදැයි රහසිගත හා නිර්ණාමික පරීක්ෂණයක් නොමිලයේ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් know4sure.lk  නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය යටතේ දියත් කළ විශේෂ වැඩසටහනක් අනුව මෙය හඳුන්වා දී ඇත. තමන්ට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය අසාදනය වී තිබේදැයි ස්වයං පරීක්ෂණයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x