ධනුශ්කට වැඩ වරදී . . .

ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ හෝටලයක රැඳී සිටියදී ඕස්ට්‍රේලියා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලකට ඇප ලබාදීම පැරමාටා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තරුණියකට අතවර කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් එල්ල වීම මත මෙම ක්‍රීඩකයා අත්අඩංගුට ගෙන තිබේ. 20-20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක නොමැතිව ආපසු ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති චෝදනාවන්ට වරදකරු වුවහොත් වසර 14 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට හැකි බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. කාන්තාවකට කැමැත්තකින් තොරව ලිංගිකව අතර සිදු කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් යටතේ ඔහුට චෝදනා ගොනු කර තිබේ.

සිඩ්නි පැරමාටා අධිකරණය ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර හෙට දිනයේ ඔහු යළිත් ඉහල අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලිට්‍රෝ ගෑස් ඉහලට . . .

Mon Nov 7 , 2022
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදා හරින ගෑස්වල මිල ගණන් ඉහළ නංවා ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80/= කින්ද කිලෝ ග්‍රෑම් 5 ක සිලින්ඩරයක් රුපියල් 30/= කින්ද කිලෝ ග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක් රුපියල් /= ඉහළ නංවා ඇත. නව මිල 12.5 Kg – 4,360/= 5 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x