හරින් ප්‍රනාන්දු ඉල්ලා අස්වේ . . .

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඔවුන් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද පැවසේ.

මෙසේ ඉල්ලා අස්වන බව පැවසෙන ඇමතිවරුන් අතර හරින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් වන බව ද ඔවුන් කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඇති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ වනු ඇතැයිද පැවසේ.

මේ අතර 2023 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ට අමතරව විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය සහ දෙමළ මුස්ලිම් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු සමග පිරිසක් ආණ්ඩුවට එක්වනු ඇතැයිද විශ්වාස කෙරේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩී.ඒ රාජපක්‍ෂ ගුණ සමරුව . . .

Sun Nov 6 , 2022
දිවංගත ඩී.ඒ රාජපක්ෂගේ 55 වැනි ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ  අභිනවයෙන් ස්ථාපිත කළ පිළිරුව අසළ දී අද (06) දින පැවැත්විණි. මීට සිවු මසකට ඉහත දී කඩා දැමුණු ඩී.ඒ රාජපක්ෂගේ පිළිරුව වෙනුවට පසුගිය 03 වැනිදා එම ස්ථානයේ ම නව පිළිරුවක් ස්ථාපිත කෙරුණු අතර අද 55 වැනි ගුණ සමරු උත්සවය පැවැතියේ එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x