2022 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් කිරීම අවසන් . . .

2022 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර මෙවර ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු අද (31) දින සිදු කෙරෙන බවද එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කළේය. ඒ අනුව, මේ දක්වා නම් ඇතුළත් කිරීමට නොහැකි වූ තැනැත්තන්ට නම ඇතුළත් කළ හැක්කේ ලබන වසරේ ඡන්ද හිමි නාමලේඛනයටය.

කෙසේවෙතත් පළමුවරට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට පමණක් ඡන්ද හිමි නාමලේඛනය සඳහා නම් ඇතුළත් කිරීමට නොවැම්බර් මාසයේදී අවස්ථාව ලබාදෙන බව ද නිමල් ජී පුංචිහේවා වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩුවේ . . .

Mon Oct 31 , 2022
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව එම සංගමය පවසන්නේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10/= කින් පහළ දමන බවය. එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10/= කින් අඩු කිරීමට තීරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x