ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් . . .

2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයට, මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ තුනකට අදාළව රුපියල් බිලියන 31ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයට අදාළවයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් 2023 වසරේ අයවැය සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකක් සහ මාසයක් අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

ඒ අනුව ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර වූ කාලයේදී පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු දෙක හමාරක් ඉක්ම වූ පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල තිබෙන බවත් ඒ අනුව ලබන වසරේ ඕනෑම කාලයක ජාතික මැතිවරණ පැවැත්වීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කරන විට සහතික කරන ලද ඡන්ද හිමි නාම ලේඛනයට අනුව, 2024 වසරේ ජාතික මැතිවරණ පැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව සමස්ත ඡන්දහිමියන් සංඛ්‍යාව 16,855,000ක් පමණ වන අතර ඉකුත් වසරේ (2022) ඡන්ද හිමියන් සංඛ්‍යාවට වඩා මේ වසරේ ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් ලක්ෂ හැට දහසකින් පමණ ඉහළ ගොස් ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චිත්‍රපට අධ්‍යක්ෂක සංජේ ගාද්වි අභාවප්‍රාප්තවේ . . .

Sun Nov 19 , 2023
ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ගාද්වි අභාවප්‍රාප්ත වී තිබේ. අද (19) උදෑසන සිය නිවසේ සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අධ්‍යක්ෂකවරයා මිය ගොස් ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් හදිසියේ ඇති වූ හෘදයාබාදයක් මරණයට හේතු වී ඇති බවට සැක පළකරණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x