ජීවිතාන්තය දක්වා සිරදඬුවම් . . .

සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක ප්‍රමාණයක් ළඟ තබාගත් අයෙකු වේ නම් ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවමට හෝ මරණ දඬුවමට යටත් වෙයි.

එනම්, තරුණ ජීවිත විනාශ කරමින් සමාජය වෙළාගත් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සමාජය මුදාගැනීම සඳහා නව නීති බලාත්මක කිරීමට රජය මේ වනවිටත් පියවර ගෙන තිබේ. විශේෂඥ මනෝ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් දරුණු මානසික රෝගීන් බවට පත්වී ඇති බවය. මුළු සමාජයම වෙළාගෙන ඇති හෙරොයින්, කොකේන් සහ අයිස් වැනි මත්ද්‍රව්‍යවලට මෙරට තරුණ ප්‍රජාව වැඩි වශයෙන් නැඹුරු වෙමින් පවතී.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්තවලට අනුව මේ වනවිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකය. මෙතරම් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට හේතුව කුමක් ද? ඊට ප්‍රබලම හේතුව වූ නීතියේ පැවති දුර්වලතා සකස් කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ 1986 විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීමෙනි. හෙරොයින්වලට අමතරව මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තරුණ ප්‍රජාව දැඩිව යොමුව සිටි. ඒ, එම මත්ද්‍රව්‍ය සඳහා රට තුළ නිසි නීතියක් නොපැවතීම හේතුවෙනි. ඒ අනුව, හෙරොයින් සහ කංසා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පැරණි පනතට අන්තර්ගතව තිබුණ ද අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය 161ක් නව පනතට ඇතුළත් කර තිබේ.‍ හෙරෝයින්, කොකේන් හා මොර්ෆීන් ග්‍රෑම් 2ට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගත් අයෙකු මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුමකට යටත්වුවද නව පනත මගින් ඒවාට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ද ඇතුළත් වෙයි.

තාවකාලික වින්දයක් වෙනුවෙන් තමන් මහන්සියෙන් උපයන මුදල් වැය කරන මෙම තරුණ ප්‍රජාවගේ ආයු කාලය ඉතාම කෙටි බව වෛද්‍යවරුන් පවසයි. එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග භාරයට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග යළි වෙළෙඳපොළට නිකුත් වීමට ඉඩ අහුරමින් නව නීතී මෙම පනතට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය තොගයෙන් සාම්පල ලබාගැනීමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය තොගය මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ හෝ වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියේ එම මත්ද්‍රව්‍ය තොග විනාශ කර දැමීමට එම පනතින් නීතීමය ප්‍රතිපාදන සැලසේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිවසේ තනිවූ දැරියන් . . .

Sat Nov 12 , 2022
නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් ඇති බව කියන සිද්ධියක් වාර්තාවී තිබෙනවා. ඒ බව දැනගැනීමෙන් පසුවයි අසල්වාසීන් විසින් ඊයේ (11) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කර තිබුනේ. අම්බලන්ගොඩ කුලීගොඩ රන්කොත් විහාර මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තා වුණා. ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය දරුවන් දෙදෙනා පොලිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x