ඩයනා එලියට, හිරුණිකා ඇතුලට . . .

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ පසු එම මන්ත්‍රීධුරයට තමන් පත් කරන බව බොහෝ දෙනෙකු පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

නමුත් තමනට පිං මන්ත‍්‍රී ධුර අවශ්‍ය නැති බවද ඇය පැවසීය. මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

‘හුඟක් අය මට කියනවා ඩයනා අයින් උනාම පුරප්පාඩුවට මාව දානවා කියලා. අනේ මම නං කියන්නේ ඔය පිං මන්ත්‍රී කම් මට එපා. මට තාම හය්යහත්තිය තියෙනවා කැම්පේන් කරන්න. මට තාමත් ජනතාව අතරට යන්න පුළුවන්. රෙස්ටෝරන්ට එකකට ගිහින් කෑමක් කන්න පුළුවන්. කඩේකට ගිහිං බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන්. මට මගේ දරුවොත් එක්ක මහත්තයත් එක්ක එලියට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් තාම නැහැ’

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදේශකයින්ට දීර්ඝකාලීන  වීසා බලපත්‍ . . .

Sun Nov 13 , 2022
වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල්  නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත.  මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන්  මෙම සුඛෝපභෝගී  නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා  දිර්ඝකාලීන  වීසා  බලපත්‍ර ලබාදීමේ  වැඩ පිලිවෙලක්  ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී  හදුන්වා දෙන ලදි. සහාධිපත්‍ය නිවස්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x