
රජය මගින් බිත්තර සදහා උපරිම සිල්ලර මිල රු 50/= වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සහ පාරිභෝගික සේවා අධිකාරිය මගින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙලදුන් සොයා වැටලිම් සිදු කරන නිසා බිත්තර වෙලදසැල් රැසක් තාවකාලිකව වසා දමා ඇත.
බිත්තර වෙලදසැල් විවෘත කර ඇති වෙලදසැල් හිමියන් කියා සිටින්නේ තමන් රු 52/= තොග මිලකට බිත්තර මිල දි ගෙන පාරිභෝගිකයන්ට රු 50/= සිල්ලර මිලකට බිත්තර අලෙවි කරන බවයි. තම පාරිභෝගිකයන්ට බිත්තර අලෙවි කිරිමේ අරමුණින් බිත්තරයකින් රු 2/= ක් පාඩු ලබා බිත්තර වෙලදාම සිදු කරන බවයි.
ආපනශාලා හිමියන් කියා සිටින්නේ දිනකට බිත්තර විශාල ප්‍රමාණයක් තම ආපනශාලාවට අවශ්‍ය බවත්, ඒ අනුව ඇතැම් බිත්තර අලෙවිසැල් වලින් රු 52/= කට සුදු බිත්තරයක් සහ රු 53/= ක මිලකට රතු බිත්තර මිල දි ගත් බවයි.
එලඹෙන උත්සව සමයේ බිත්තර හිගයක් ඇතිවිමේ අවධානමක් පවතින බවද එම ආපනශාලා හිමියන් කියා සිටියි.
– රංජිත් රාජපක්ෂ
Mon Nov 14 , 2022
පොලිස් කාන්තාවන් දෙදෙනකු ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැමීමේ සිදුවීමකට පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. විරෝධතා පාර ගමනක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙම සිදු ක්‍රියාව කර ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු විසිනි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වීමත් සමග […]