ශිෂ්‍යත්ව විභාගයේ 2 වන ප්‍රශ්න පත්‍රය මුලින්ම . . .

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ විභාග ප්‍රශ්න පත්‍ර ලබා දීමේ අනුපිළිවෙල වෙනස් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය. වෙන වසරවල ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍ර මුලින් ම ලබා දුන්න ද මේ වසරේදී 2 වන ප්‍රශ්න පත්‍රය මුලින් ම ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් 18 වන ඉරිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේදී විභාග අපේක්ෂකයන්ට උදැසන 9.30 සිට 10.45 දක්වා පළමුවෙන් ම 2 වන ප්‍රශ්න පත්‍රයට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඔහු පැවසීය. කෙටි විවේක කාලයකින් පසුව උදැසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීමට අවකාශය සැලසෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

පළමු ප්‍රශ්න පත්‍රය බුද්ධිමය හැකියාව මත හා තර්කානුකුල හැකියාව මත පිළිතුරු ලබා දිය හැකි අයුරින් සැකසෙන්නක් බැවින් විභාගයේදී මුලින් ම එම ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමෙන් දරුවන් තුළ දැඩි පීඩනයක් ඇති කරන්නක් බව බොහෝ පාර්ශව පෙන්වා දීම හේතුවෙන් මේ තීරණය ගත් බව ඔහු පැවසීය.

දෙවන ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ විෂය නිර්දේශයේ දරුවන් ඉගෙන ගත් කරුණුවලින් නිසා මුලින් ම එම ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමෙන් දරුවන් තුළ යම් විශ්වසනීයත්වයක් ගොඩ නැගෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ශිෂ්‍ය මිත්‍ර ශීලි අයුරින් මෙවර විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා දරුවන්ට යහපත් මානසික සුවතාවකින් යුතුව විභාගයට මුහුණ දීමට හැකි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජැකලින්ට ඇප නියමවේ . . .

Tue Nov 15 , 2022
බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x